විදෙස්

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ලොව රටවල් 92කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ.

එම සංවිධානයේ තාක්ෂණික අංශ ප්‍රධානී මාරියා වෑන් ප්‍රකාශ කර ඇත්තේ රටවල් 92 දෙකක් තුළ ඩෙල්ටා වෛරසය සක්‍රීයව පවතින බවට තොරතුරු වාර්තා වන බවය.

දැනට භාවිතයේ පවතින එන්නත් මඟින් එම වෛරස ප්‍රභේද ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම සහ මරණයට පත්වීම වළක්වා ගැනීමේ හැකියාව පවතින බව මාරියා වෑන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 වෛරස ප්‍රභේද වර්ගීකරණයට අනුව දැඩි සැළකිල්ලක් දැක්විය යුතු වෛරස ප්‍රභේදයක් ලෙස ඩෙල්ටා කොවිඩ් වෛරසය හඳුන්වා දී තිබේ.

Related posts

ප්‍රබල සයිබර් ප්‍රහාරයක්.ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටෙයි.

Mohamed Dilsad

නයිජීරියාවේ ගොවීන් අතර ගැටුමකින් 86 ක් මියගොස් ඇත

Mohamed Dilsad

ට්විටර් නිර්මාතෘ ජැක් ඩෝසිගේ ගිණුමත් හැක්වෙයි

Mohamed Dilsad

Leave a Comment