දේශීය

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (22) පෙරවරුවේ එම විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු එම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තබා තිබේ.

කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළේය.

Related posts

ජනපති නියමයෙන් සිංහරාජයේ මාර්ග ඉඳිකිරීම නවතී[PHOTOS]

Mohamed Dilsad

ඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් ගැන වෛද්‍ය චමල් සංජීව අනාවරණය කරයි.

Editor O

දික්වැල්ල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment