දේශීය

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,131 හඳුනා ගනී

(UTV | කොළඹ) – ගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09ක කොවිඩ් -19 ආසාදිතයින් සියය ඉක්මවා තිබේ.

ඊයේ (21) මෙරටින් නව ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 33 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවන වන ආසාදිතයින් 271 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 229, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 208 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 177දෙනෙකු, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්144 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 140 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 118 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 103 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 102 දෙනෙකු ලෙස ඊයේ දිස්ත්‍රික්ක 09ක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබුණි.

Related posts

තවදුරත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයක

Editor O

ගව වෛරසය රටපුරා පැතිරී ගිය හැටි එළියට

Mohamed Dilsad

Leave a Comment