දේශීය

පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 70 කට අධික මූල්‍ය ආධාර

(UTV | කොළඹ) – පාකිස්තාන රජය වෙනුවෙන් පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා විසින් රුපියල් මිලියන 66 ක සහ මිලියන 8.027 ක චෙක්පත් දෙකක් 2021 ජුනි 19 වන දින ගංගාරාම විහාරයේ පැවති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාවට, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද සහභාගී විය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා සංචාරයේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 66 ක පරිත්‍යාගයක් කරන බව කළ ප්‍රකාශයට අදාලව මෙම රු.මිලියන 66 ක චෙක්පත් භාර දෙන ලදී. තවද, කෝවිඩ් -19 සහන ආධාර සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවට රු.මිලියන 8.027 ක චෙක්පත්ද භාර දෙන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා “දෙරටේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සහෝදර රටවල් දෙක අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර පාකිස්තාන රජය සහ පාකිස්තාන ජනතාව ශ්‍රී ලංකා රජයට හැකි සෑම සහයෝගයක්ම සෑම අවස්ථාවකදීම අඛණ්ඩව ලබා දෙන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලාංකික සිසුන් සඳහා වෛද්‍ය ශිෂ්‍යත්ව 100 ක් ඇතුළුව සියලුම අංශයන්හි සම්පුර්ණයෙන්ම අරමුදල් සපයන ලද අලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව 250 ක් පිළිබඳව මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සිසුන්ට මෙම ශිෂ්‍යත්ව ලබා දීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්තූතිය පුද කළේය.

මෙම උත්සවයේ මුලසුන දැරූ හා ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රධාන පූජක ආචාර්ය කිරින්දේ අසාජි නායක තෙරෝටද මහ කොමසාරිස්වරයා තම ස්තූතිය පුද කළේය. ආචාර්ය අසෙලා වික්‍රමසිංහ මහතා ද මෙම උත්සවයට සහභාගී වීම විශේෂත්වයකි.

Related posts

පාසල් ක්‍රීඩා උළෙලේ දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අදත්

Mohamed Dilsad

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment