දේශීය

මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු පිරිසක් පිටත්ව යයි

(UTV | කොළඹ ) – කටුනායක ගුවන්තොටුපලේ සිට පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් වාරයකින් මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු 96 දෙනෙකු ඊයේ (13) රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විදෙස් ගතවීම සඳහා පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුලත් කරගැනීමට පෙර ඔවුන් සහ ඔවුන්ගේ ගමන් මළු විෂබීජහරණයට ලක්කිරීම සිදුකරනු ලැබුවේය.

පසුව එම පිරිසගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමෙන් පසු එම පිරිසට ගුවන් යානය වෙත ඇතුල් වීමට අවසර හිමි විය.

ඒ යූ.එල්. 503 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් 96 දෙනෙකු ඊයේ රාත්‍රී 11.35ට දිවයිනෙන් පිටත්ව ගිය ගියේය.

Related posts

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad

පිටකොටුවේ ගින්නක්

Mohamed Dilsad

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment