දේශීය

මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු පිරිසක් පිටත්ව යයි

(UTV | කොළඹ ) – කටුනායක ගුවන්තොටුපලේ සිට පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් වාරයකින් මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු 96 දෙනෙකු ඊයේ (13) රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විදෙස් ගතවීම සඳහා පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුලත් කරගැනීමට පෙර ඔවුන් සහ ඔවුන්ගේ ගමන් මළු විෂබීජහරණයට ලක්කිරීම සිදුකරනු ලැබුවේය.

පසුව එම පිරිසගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමෙන් පසු එම පිරිසට ගුවන් යානය වෙත ඇතුල් වීමට අවසර හිමි විය.

ඒ යූ.එල්. 503 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් 96 දෙනෙකු ඊයේ රාත්‍රී 11.35ට දිවයිනෙන් පිටත්ව ගිය ගියේය.

Related posts

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

Mohamed Dilsad

අද සිට දින තුනක විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

මාවිල්ආරුවේ කොටුවී සිටි පුද්ගලයන් 309 දෙනෙක් බේරා ගනී

Editor O

Leave a Comment