දේශීය

දිවයින වටා මුහුද රළු වෙයි

(UTV |  ගාල්ල) – ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

නිරෝධායනය නිම කළ තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සම්භවයක් සහිත අයෙක්ට කැනඩාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය

Editor O

Leave a Comment