විදෙස්

මියන්මාරයේ හමුදා ගුවන් යානා අනතුරකින් 12 ක් මරුට

(UTV | මියන්මාරය) – මියන්මාරයේ හමුදා ගුවන් යානයක් එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේහිදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.  

නේපිඩෝ අගනුවර සිට ප්‍රාදේශීය නගරයක් වෙත පියාසර කරන අතර තුල එය හදිසියේ කඩා වැටී ඇත්තේ වානේ කම්හලක් ආසන්නයටයි.

යානයේ හමුදා සාමාජිකයන් 6 දෙනෙකු මෙන්ම ආගමික උත්සවයක් සඳහා යමින් සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්ද ගමන් කර ඇති බව වාර්තා වෙයි.

නියමුවා සහ එක් මගියෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බ්‍රසල්ස් වෙඩික්කරු මරුට

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් අභ්‍යවකාශ හමුදා බලඇණියක්

Mohamed Dilsad

තායිලන්තයේ සිසුන් පිරිසක් සහ ගුරුවරයෙකු ගුහාවක සිර වෙයි

Mohamed Dilsad

Leave a Comment