විදෙස්

මියන්මාරයේ හමුදා ගුවන් යානා අනතුරකින් 12 ක් මරුට

(UTV | මියන්මාරය) – මියන්මාරයේ හමුදා ගුවන් යානයක් එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේහිදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.  

නේපිඩෝ අගනුවර සිට ප්‍රාදේශීය නගරයක් වෙත පියාසර කරන අතර තුල එය හදිසියේ කඩා වැටී ඇත්තේ වානේ කම්හලක් ආසන්නයටයි.

යානයේ හමුදා සාමාජිකයන් 6 දෙනෙකු මෙන්ම ආගමික උත්සවයක් සඳහා යමින් සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්ද ගමන් කර ඇති බව වාර්තා වෙයි.

නියමුවා සහ එක් මගියෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

තුර්කි භූ කම්පනයෙන් 22කු මරුට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුම ලැව්ගිනි ව්‍යසනය

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ 2000 පනී

Mohamed Dilsad

Leave a Comment