ක්‍රීඩා

නායක විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

(UTV | නවසීලන්තය) – නවසීලන්ත නායක කේන් විලියම්සන්ට එංගලන්තය සමග හෙට (10) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.   

ඒ, ඔහුගේ අතක වැලමිටෙහි ඇතිව තිබෙන ආබාධය හේතුවෙන්.

අදාළ ආබාධ තත්ත්වය හේතුවෙන් මෙම වසර මුලදී විලියම්සන්ට බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.

ඔහු වෙනුවට හෙට තරගයේ දී ටොම් ලේතම් නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ටොම් ලේතම් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන තෙවැනි අවස්ථාව මෙයයි.

Related posts

තරඟය පරාජයෙන් පසු කෝලි සමඟ පෙම්වතියත් අමනාපයෙන්ලු

Mohamed Dilsad

ග්ලෙන් පිලිප්ස් පළමු වරට ටෙස්ට් තරගාවලියකට

Mohamed Dilsad

ICC සභාපති ධූරයට ඉන්දීයාව යළි තරඟ වදී

Mohamed Dilsad

Leave a Comment