ක්‍රීඩා

කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි සංචිතය මෙන්න

(UTV | එංගලන්තය) – එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කර තිබේ.  

මෙම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ද හිමිවිය. චරිත් අසලංකට හා අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

විස්සයි – 20 හා එක්දින තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනානුදු, ණුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම.

Related posts

ආසියානු හෙල්ල විසි කිරීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

Editor O

ශ්‍රී ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්

Mohamed Dilsad

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට

Mohamed Dilsad

Leave a Comment