දේශීය

තරු සාදයට ගිය මාධවී ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි විසින් පසුගිය ඉරිදා සංවිධාන කල සාදයට සහභාගී වූ තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

කාන්තාවන් 03 දෙනෙකුද ඒ අතර වන බවපොලිසිය සඳහන් කරයි.

මෙම පිරිස අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අතර ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ දියණියද සිටින බව වාර්තා වෙයි.

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ තරු හෝටලයේ සූපවේදියෙකුට ද කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම හෝටලයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇත.

මාධවී ඇන්තනී සහ ඇගේ සැමියා ඇතුළු පිරිස මේ සඳහා නිරෝධායනය සඳහා යොමුකර ඇත.

Related posts

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී

Mohamed Dilsad

ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

Editor O

බන්ධනාගාර රැඳවියන්ටත් කොවිඩ් මර්දන එන්නත

Mohamed Dilsad

Leave a Comment