දේශීය

තරු සාදයට ගිය මාධවී ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි විසින් පසුගිය ඉරිදා සංවිධාන කල සාදයට සහභාගී වූ තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

කාන්තාවන් 03 දෙනෙකුද ඒ අතර වන බවපොලිසිය සඳහන් කරයි.

මෙම පිරිස අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අතර ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ දියණියද සිටින බව වාර්තා වෙයි.

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ තරු හෝටලයේ සූපවේදියෙකුට ද කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම හෝටලයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇත.

මාධවී ඇන්තනී සහ ඇගේ සැමියා ඇතුළු පිරිස මේ සඳහා නිරෝධායනය සඳහා යොමුකර ඇත.

Related posts

තවත් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වෙයි [UPDATE]

Mohamed Dilsad

පොල් මිල එලොව පොල් පෙන්නයි.

Editor O

ඉන්දීය එන්නත් ජනපති ගෝඨාභය වෙත නිල වශයෙන් පිළිගන්වයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment