දේශීය

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ කොටසක් මුහුදේ ගිලෙයි [PHOTOS]

(UTV | කොළඹ) – ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ සිදුවන ජල කාන්දුව හේතුවෙන් එය මේ වනවිට ගිලෙමින් පවතින බව මීපා හෙවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.   

පානදුර සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීම සහ මීගමුව කලපුවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කලේ ධීවර දෙපාර්තමේන්තුව විසින් එම තීරණය ගෙන ඇති බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැනට පවතින ස්ථානයේ ගිලී යාම ආරම්භ වී ඇති බවට නෞකාවේ ගලවා ගැනීමේ සමාගම විසින් දන්වා තිබීම ඊට හේතුව බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කාංචන විජේසේකර මහතා කියා සිටියා.

එමෙන්ම කිසියම් අයුරකින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් සිදුවිය හැකි පරිසර හානිය වළක්වාලීම සඳහා පියවර ගනිමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

May be an image of outdoors

May be an image of outdoors

Related posts

කෙදිරි ගාන්න එපා 2026 සිට, අල 220ට ලූණු 150ට ගන්න ලෑස්ති වෙන්න. – ලාල් කාන්ත

Editor O

බුරවී තවත් ආසන්න වෙයි

Mohamed Dilsad

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසියේදී ජනපති කළ සම්පූර්ණ කතාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment