දේශීය

බුරවී තවත් ආසන්න වෙයි

(UTV |ත්‍රිකුණාමලය) – “බුරවි“ සුළි කුණාටුව අද (02) දහවල් වන විට ත්‍රිකුණාමලයට කි.මී 140ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී බව කාලගුණ අංශය පවසයි.

මෙම සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු වනු ඇත.

ඒ අද රාත්‍රී 7.00 – 10.00 ත් අතර කාලය තුළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි වේ. ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පූනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැක.

Related posts

ජනපති ආසියානු සංවර්ධන බංකුවේ සාකච්ඡාවකට

Mohamed Dilsad

ඉන්දියානු මහ කොමසාරිස් කථානායකවරයා මුණගැසේ

Mohamed Dilsad

මහින්ද ක්‍රිකට් ගහයි

Mohamed Dilsad

Leave a Comment