විදෙස්

ජපානයේ සියලු වැසියන්ටම කොරෝනා එන්නත නොමිලේ

(UTV| ජපානය) – ජපානයේ සියලු වැසියන්ට කොරෝනා වෛරස් එන්නත නොමිලේ ලබාදීම සඳහා එරට පාර්ලිමේන්තුව දී අද පනතක් සම්මත කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිලියන 126 ඉක්මවූ ජපානයේ සියලුම වැසියන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා වැය වන මුදල අනුමත කිරීමට අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත්කර තිබුණි.

ජපානය විසින් දැනටමත් ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 60 ක් ඇණවුම් කර ඇති අතර, මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 25 ක් ද ඇණවුම් කර ඇති බව වාර්තා වෙයි.

ඊට අමතරව, බ්‍රිතාන්‍ය , ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රා- සෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 120 ක් ද ඉදිරියේදී ජපානයට ලැබීමට නියමිතව තිබේ.

 

Related posts

දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

අමෙරිකානු ජනාධිපතිගෙන් උතුරු කොරියා නායකට ආරාධනාවක් ?

Mohamed Dilsad

වාහන ආනයන ගැසට්පත්‍රයේ කරුණු ප්‍රශ්නගත බව වාහන ආනයනකරුවෝ පවසති.

Editor O

Leave a Comment