දේශීය

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී ඇල්ලූ සියල්ලන්ට සඳුදාට පෙර නඩු පවරන්නැයි දන්වයි

(UTV | කොළඹ) – ජාවාරම් සඳහා නොව පුද්ගලික භාවිතය සඳහා මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටියදී අත්අඩංගුවට පත් සියලු සැකකරුවන්ට එරෙහිව ලබන සඳුදාට පෙර නඩු පවරා අවසන් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් දැනුම්දී ඇත.

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ පොලිස් කොට්ඨාශ 44 ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් –පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවකදීයි.

බන්ධනාගාර තදබදය අවම කිරීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගන්නා ලෙසට එහිදී දැනුම් දී ඇත.

 

Related posts

නව අගමැතිගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment