දේශීය

නිරෝධායන රීති කැඩූ 755 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඔවුන් අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ත්‍රීරෝද රථ 06ක ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු වන බවය.

මේ අතර අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා පැමිණි මගී ප්‍රවාහන බස් රථයක් ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

එහි මගීන් 48දෙනෙකු සිටි බව පොලීසිය පැවසුවේය.

ඔවුන් සියලුදෙනා අද (31) දිනයේ දී අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Related posts

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

Mohamed Dilsad

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් සමග ඉන්දුනීසියාවේ ගිය 36 ක් ආගිය අතක් නෑ

Mohamed Dilsad

Leave a Comment