දේශීය

යාපනය, මහනුවර සහ රත්නපුර එන්නත්කරණය අද ඇරඹේ

(UTV |යාපනය) – යාපනය, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණය අද (30) සිට ආරම්භ කෙරෙනු ඇත.  

අදාළ දිස්ත්‍රික්කවල අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් ලබාදීමට සයිනොෆාම් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 බැගින් යොමුකර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදී සහ මැණික්හින්න – පිලවල මහා විද්‍යාලයේදී පෙරවරු 8 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කෙරෙන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේදී සහ කුඹුගොඩආර – රතනාරාම විහාරස්ථානයේදියි. යාපනය දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 12 කදී එන්නත්කරණය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Related posts

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

අයවැයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment