දේශීය

12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් සුදුසු බවට යුරෝපයෙන් අනුමැතියක්

(UTV| යුරෝපය) – වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත සුදුසු බවට යුරෝපා වෛද්‍ය ඒජන්සිය අනුමත කර ඇත.   

ඒ අනුව යුරෝපා මහද්වීපය තුළ අදාළ වයස් කාණ්ඩය සඳහා අනුමැතිය හිමිවූ පළමු එන්නත බවට ෆයිසර් එන්නත පත්වෙයි.

මේ අනුව මහද්වීපයේ එක් එක් රට විසින් එන්නතේ ඉදිරි භාවිතය සම්බන්ධයෙන් තීරණ ගත යුතු අතර ජර්මනිය විසින් දැනටමත් ඒ සඳහා අවසරය පරිනමා අවසන්.

යුරෝපා මහද්වීපය තුළ එන්නත්කරණ වැඩපිලිවෙල වේගවත් කල යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දිනයේදී ප්‍රකාශ කිරීමත් සමග මෙම අනුමැතිය හිමිවීමද විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතය අවසන්වීමට ලොව පුරා ජනගහණයෙන් 70 % ක් හෝ එන්නත්කර අවසන් විය යුතු වෙයි.

 

Related posts

දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ව විශේෂ පරීක්ෂාවකට

Mohamed Dilsad

ලබන සඳුදා ප්‍රදේශ කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීමට දැඩි කණස්සල්ල පළ කරමින් ජනපතිට ලිපියක් [LETTER]

Mohamed Dilsad

Leave a Comment