දේශීය

දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ව විශේෂ පරීක්ෂාවකට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දකුණු කොරියාවේ සිට සහ චීනයේ ෂැංහයි සිට ගුවන් යානා දෙකකින් පැමිණි මගීන්ව දින 14 ක කාලයක් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ගුවන් තොටුපලේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ දකුණු කොරියාවේ සිට ඊයේ පස්වරු 6.04 ට පැමිණි කොරියන් ගුවන් සේවයට අයත් යානයක සිටි මගීන් 267 දෙනෙකු සහ ෂැංහයි සිට රාත්‍රියේ පැමිණි යානයේ සිටි මගීන් 128 දෙනෙකු මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක් කළ බවයි.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 4 ක් බව සඳහන්.

Related posts

ඉතාලියේ කොරෝනා වෛරසය වැළඳුණු ලාංකික කත සුවය ලබයි

Mohamed Dilsad

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යයි

Mohamed Dilsad

සිරිල් ගාමිණී පියතුමන් අද සී.අයි.ඩී.යට

Mohamed Dilsad

Leave a Comment