දේශීයප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට විවෘතයි

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (23) විවෘතකල මාතර – හම්බන්තොට දක්වා කොටස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විවෘත වනුයේ අද (24) රාත්‍රී 12 න් පසුව බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව පුද්ගලික වාහන මෙන්ම ලංගම බස් සඳහාද මාර්ගය භාවිත කිරීමට අවසර හිමිවන්නේ අද රාත්‍රී 12 න් පසුවයි.

හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන බස් සේවාව හෙට (25) ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව හම්බන්තොට සිට පිටකොටුවට අයකෙරෙන අධි සුඛෝපභෝගී ලංගම බස් ගාස්තුව රුපියල් 880 ක් වන අතර , හම්බන්තොට සිට මාකුඹුර දක්වා රුපියල් 810 ක් අය කිරීමට නියමිතය.

අධිවේගී මාර්ගයේ පළමු ගමන් වාරය හෙට පෙරවරු 08. 30 ට හම්බන්තොටින් ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට නොහැකිනම්, ඒ සඳහා වෙන් කළ මුදල්වලට සිදුවූ දේ රටට හෙළි කළ යුතුයි. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ඩෙංගු යළි හිස ඔසවයි

Mohamed Dilsad

Leave a Comment