ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් කථානායකවරයාට පිළිතුරු ලිපියක්..

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යන සියල්ල කථානායකවරයා විසින් නොසලකා හැර ඇති බව , කථානායකවරයා වෙත ලිපියක් (14) යොමු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

මේ අතර අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුව විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට හෝ ආණුඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බව ජනාධිපතිවරයා විසින් අදාළ ලිපියෙන් දැනුම් දී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට කථානායකවරයා ගත් උත්සහය ගැන ජනාධිපතිවරයා කණගාටු වන බවද ,කථානායකවරයා ඊයේ (14) ජනාධිපතිවරයා වෙත එවු ලිපියට ප්‍රතිඋත්තර ලිපියක් ලෙස එමගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

Related posts

පක්‍ෂ නායකත්වය දුර්වල වුවහොත් රටත් එම පක්‍ෂයත් විනාශයි [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන මිල යළිත් පහළට

Mohamed Dilsad

නායකත්වය පිළිබඳ රනිල් – සජිත් ගැටුම උග්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment