දේශීය

මෙරට තරුණියන් ඉන්දියාවට රැගෙනයාමේ ජාවාරමක්

(UTV | කොළඹ) –  මෙරට කාන්තාවන් ඉන්දියාවට ගෙන යාමේ සංවිධානාත්මක මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

මෙම කාන්තාවන් ඉන්දියාවේ සම්බාහන මධ්‍යස්ථානවල කටයුතු කිරීම සඳහා මෙලෙස රැගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ වැටලීමක් සිදුකර තිබේ.

එහිදී සැක කටයුතු ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ 30 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල පදිංචිකාරිනියන් දෙදෙනෙකි.

ඔවුන් මෙරට රූපලාවන්‍යාගාරවල කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවිය.

ඔවුන් රැගෙන යාමට උත්සහ කල පුද්ගලයා ඉන්දීය කාන්තාවක් විවාහ කරගෙන ඇති අයෙකි.

ඔහු විසින් මෙම කාන්තාවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලකදී ඉන්දීය ජාතිකයා වෙත භාරදී ඇති අතර ඔහු මෙම කාන්තාවන්ට එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇත්දැයි රුධිර සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන තිබේ.

පසුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපල පර්යන්තය වෙත පැමිණි අවස්ථාවේදී සැකකටයුතු අන්දමින් හැසිරීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගන්න ලදී.

මොවුන් තුන්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙරට තුළ මෙම මිනිස් ජාවාරම සංවිධාන කරන ශ්‍රී ලාංකික තැරැව්කරු සහ ඔහුගේ සහයක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම්කරුවන් සතුව තිබී මෙරට කාන්තාවන් රැසකගේ විදේශ ගමන් බලපත්‍ර තොගයක්ද සොයා ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව

Related posts

තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා දිවුරුම් දෙයි

Mohamed Dilsad

”නිකන් සිල්ලර විසඳුම් දෙන්න එපා” – විපක්ෂ නායක

Mohamed Dilsad

පාසලේ සිසුන් ගණන මත කොරෝනා මැඩලීමට මුදල්

Mohamed Dilsad

Leave a Comment