දේශීය

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

(UTV | කොළඹ) – හෙට (30) සහ අනිද්දා (31) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් අද රාත්‍රියේ සිට ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර හිමිවන බව පොලීසිය ප්‍රකාශ කරයි.   

කෙසේවෙතත් ඒ සඳහා අවසර හිමි වන්නේ ආහාර , එළවළු , මත්ස්‍ය ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය නිෂ්පාදන සපයන්නන්ගේ ලොරි රථ සහ වාහන වලට පමණි.

ඒ සඳහා විශේෂ අවසර පතක් අවශ්‍ය නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

 

Related posts

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම

Mohamed Dilsad

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය අද රාත්‍රීයේ සිට යළි ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment