දේශීය

සංචරණ සීමා රකින්න සෙබළියෝ 100ක යතුරු පැදි බලඇණියක්

(UTV| කොළඹ) – කෝවිඞ් මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලංඝනය කරන්න පුද්ගලයන් සොයා බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාන්තා යතුරුපැදි බලඇණිය ස්ථාපිත කර ඇත.

උතුරේ ජනතාව සමඟ සහ සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම සඳහා සෙබළියන් සිය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම යතුරු පැදි කණ්ඩායමට බඳවාගෙන ඇති බවත් ද්‍රවිඩ භාෂාව හැසිරීම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ද ලබා දී ඇති බවද හමුදාව පවසයි.

Related posts

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

ජනපති උපදෙසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අගනා අවස්ථාවක්

Mohamed Dilsad

අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද ? නැත්ද?” ජනතාව තීරණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment