දේශීය

මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නගරාධිපතිවරයා අද (28) පෙරවරුවේ අත්අඩංගුවට පත් වූයේ, මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩපිළිවෙළක නිරත වූ වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පැවතියදී ඔහු අද පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණ.

Related posts

රටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

Mohamed Dilsad

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

Mohamed Dilsad

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

Mohamed Dilsad

Leave a Comment