දේශීය

මොරටුව නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නගරාධිපතිවරයා අද (28) පෙරවරුවේ අත්අඩංගුවට පත් වූයේ, මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩපිළිවෙළක නිරත වූ වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පැවතියදී ඔහු අද පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණ.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Mohamed Dilsad

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද

Mohamed Dilsad

Leave a Comment