දේශීය

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 13ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇත.   

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල කොලමුන්න 573 ග්‍රාම සේවා වසම,මාම්පේ බටහිර 574 ග්‍රාම සේවා වසම, ගම්පහ මහබාගේ ඇල පිටිවල නවම් මහරගම ග්‍රාම සේවා වසම, මගුල් පොකුණ ගමේ මගුල් පොකුණ පාර ,ගාල්ල ඉමදුව දික්කුඹුර 165 ග්‍රාම සේවා වසම ,අහංගම ආටනිකිත 166 බී ග්‍රාම සේවා වසම, රත්නපුර පැල්මඩුල්ලේ සන්නස්ගම 171B ග්‍රාම සේවා වසම, දොඩංගස්වින්න 171 C ග්‍රාම සේවා වසම, ගොඩගම 171 බී ග්‍රාම සේවා වසම එමෙන්ම කහවත්ත කට්ටන්ගේ අංක 3 කොටස 169A ග්‍රාම සේවා වසම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව සූරියවැව නගරය 103 ග්‍රාම සේවා වසම, කෑගල්ල නගරයේ බුලත්කොහුපිටිය උඩපොත 128ජී ග්‍රාම සේවා වසම සහ කැන්දාව 128 ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදෙකලා කරනු ඇති.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් තුනක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.

ගම්පහ කොටදෙණියාව කලුඅග්ගල සහ පොල්හේන ග්‍රාම සේවා වසම් සහ කළුතර දොඩන්ගොඩ අධිකාරි ගොඩ 719 ඒ ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙනු ඇති .

Related posts

ලංකාවේ ඩ්‍රෝන මෙහෙයුම් ගැන තීරණයක්.!

Editor O

පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment