ක්‍රීඩා

මාලිංග යළි ජාත්‍යන්තර පිටියට පැමිණීමේ සූදානමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අතර ඔහුගේ අනාගත ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.  

මාලිංග මේ වන විටත් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරගවලින් මෙන්ම 20 – 20 ලීග් තරග පිටියෙන් සමුගෙන ඇතත්, 20- 20 ජාත්‍යන්තර තරගවලින් මෙතෙක් සමුගෙන නොමැත.

ඒ අනුව තේරීම් කමිටුව පෙන්වා දෙන්නේ ඉදිරි 20 – 20 තරගාවලි වෙනුවෙන් ඔහුව යොදා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ පසුගිය වසරේ දී මාර්තු මාසයේ දී වන අතර, ඉන් අනතුරුව මෙතෙක් කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැත.

 

 

 

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතව දැන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

Editor O

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය හෙට ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment