ක්‍රීඩා

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය යළිත් අවිනිශ්චිත තත්ත්වයක

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි තරග 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් යළි අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ට මෙරටදී අනුගමනය කල යුතු අනිවාර්ය නිරෝධායන කාලසීමාව සම්බන්ධ ගැටලුවකුයි ඊට හේතුවී ඇත.

විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් වන අතර , බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත්තේ දින 07 ක නිරෝධායන කාලසීමාවකට පමණක් එකඟවිය හැකි බවයි.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය සමග සාකච්ඡා කර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම පිළිබඳ සළකා බලන ලෙසයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ මේ මස 27 වැනිදායි. එදින සිට දින 14 ක් නිරෝධායනයට ලක් වුවහොත් ඔක්තෝම්බර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයට සූදානම් වීමට ඉතිරි වන්නේ සතියක පමණ කාලයක් බවද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් ප‍්‍රකාශ කර තිබේ.

Related posts

Legends ලා සනත්ට දීපු Surprise එක [VIDEO]

Mohamed Dilsad

නරඹන්නන් නොමැතිවීම තම කණ්ඩායමට වාසියක් – කොදෙව් පුහුණුකරු

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment