ක්‍රීඩා

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යයි

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි -20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි -20 කණ්ඩායමේ අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

කටාර් රාජ්‍යයේ දෝහා වෙත යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතැන් සිට වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ලගා වීමට නියමිතව තිබේ.

මෙම තරගාවලියේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ.

විස්සයි-20 අංශයේ නායකත්වයට පත් දසුන් ශානක මීට පෙර 2019 වසරේ පාකිස්තානයේ පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවූ අතර එම තරගාවලිය 3-0 ක් වශයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.

 

Related posts

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් මුල්‍යාධාර

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රාජ්‍යතාන්ත්‍රික ක්‍රිකට් තරගය [PHOTOS]

Mohamed Dilsad

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment