දේශීය

දිස්ත්‍රික් 05ක තවත් ප්‍රදේශ 09 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.   

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස ,

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය ,

කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය ,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි කොට්ඨාසය ,

හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය, මෙලෙස හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශයන් අතර වෙයි.

Related posts

රටවල් කීපයක සිට අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්

Editor O

නව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බහු පාර්ශ්වීය සාකච්ඡාවක්

Editor O

Leave a Comment