දේශීය

කොවිඩ් නිසා ලාංකිකයන්ට ඉතාලියේ දොරටු වැසේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය ඉතාලිය විසින් දීර්ඝ කර ඇත.    

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ අත්සන් තබා ඇති නියෝගයට අනුව කොවිඩ් අවධානම සළකා ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියට ඇතුලුවීමට අවසර නොදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම එම රටවල මෑතකදී සංචාරය කර පැමිණෙන ඉතාලි පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ටද දින 10 ක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවෙයි.

 

 

Related posts

අද විදුලි කපන්නේ මෙහෙමෙයි

Mohamed Dilsad

උපකාරක පන්ති ආරම්භ කිරීමට අද සිට අවසර

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 21 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment