දේශීය

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(UTV |මාතලේ) – මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.   

ඔහු කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමද හුදකලා කර ඇති බවයි.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව පොලිස් බල ප්‍රදේශයේ එලමුල්ල ග්‍රාමසේවා නිලධාරී වසමද හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව, කොවිඩ් ආසාදිතයන් 1531 දෙනෙකු ඊයේ දිනයේ වාර්තාවීමත් සමඟ දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වාර්තාව වාර්තා විය.

Related posts

මහර බන්ධනාගාර ගැටුමේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

අනිද්දා සිට කොළඹට පැමිණෙන බස් රථ නවත්වන ස්ථාන මෙන්න

Mohamed Dilsad

නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් නැහැ – අගමැති

Mohamed Dilsad

Leave a Comment