කලා

අල්ලූ අර්ජුන්ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ජනප්‍රිය තෙළිඟු නළුවෙක් වන අල්ලූ අර්ජුන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.  

තමන් මේ වන විට කොවිඩ් සඳහා වූ සියලු පියවර ගනිමින් නිවසේ නිරෝධායනය වී සිටින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා තිබේ.

එමෙන්ම තමාව පසුගිය දින කිහිපය තුළ හමු වු අය සිටී නම් ඔවුන්ට ද කොවිඩ් වෛරසය හඳුනා ගැනීම සඳහා වූ පරික්ෂණවලට ඉදිරිපත් වන ලෙස අල්ලූ අර්ජූන් සඳහන් කර තිබේ.

සියලු දෙනාටම නිවසට වී සිටින ලෙසත්, අවශ්‍ය සෞඛ්‍ය උපදේශන පිළිපදින ලෙසත් වෛරසය සඳහා ලබාදෙන එන්නත ලබාගන්න ලෙසත් ඔහු විසින් ඉල්ලීමක් කර ඇත.

Related posts

Critics Choice Super සම්මාන උළෙලේ වැඩිම සම්මාන සෝල් ත්‍රිමාණ චිත්‍රපටයට

Mohamed Dilsad

හේමාල් රඟපෑ පළමු ඉන්දියානු චිත්‍රපටය Second Show දැන් තිරගත වේ

Mohamed Dilsad

ගායිකා ෂකිරාට ස්පාඤ්ඤයේදී වල් ඌරු ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment