කලා

අල්ලූ අර්ජුන්ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ජනප්‍රිය තෙළිඟු නළුවෙක් වන අල්ලූ අර්ජුන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.  

තමන් මේ වන විට කොවිඩ් සඳහා වූ සියලු පියවර ගනිමින් නිවසේ නිරෝධායනය වී සිටින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා තිබේ.

එමෙන්ම තමාව පසුගිය දින කිහිපය තුළ හමු වු අය සිටී නම් ඔවුන්ට ද කොවිඩ් වෛරසය හඳුනා ගැනීම සඳහා වූ පරික්ෂණවලට ඉදිරිපත් වන ලෙස අල්ලූ අර්ජූන් සඳහන් කර තිබේ.

සියලු දෙනාටම නිවසට වී සිටින ලෙසත්, අවශ්‍ය සෞඛ්‍ය උපදේශන පිළිපදින ලෙසත් වෛරසය සඳහා ලබාදෙන එන්නත ලබාගන්න ලෙසත් ඔහු විසින් ඉල්ලීමක් කර ඇත.

Related posts

ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් එකම ප්‍රසංග වේදිකාවට

Mohamed Dilsad

Leave a Comment