විදෙස්

පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක බෝම්බ ප්‍රහාරයක්

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ ක්වෙටා නගරයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිව් දෙනෙක් මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.   

බීබීසී පුවත් සේවය පැවසුවේ එම ප්‍රහාරයේ ඉලක්කය පාකිස්තානයේ සිටින චීන තානාපතිවරයා වියහැකි බවය.

ඔහු මේ වනවිට පාකිස්තානයේ ගැටුම් බහුල බැලොකිස්තාන ප්‍රාන්තයේ අගනගරය වන ක්වෙටා හි සංචාරයක නිරතව සිටී.

නමුත් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු එම හෝටලයේ නොසිටි බව වාර්තා වේ.

විදෙස් ජාතිකයින් බහුලව ගැවසෙන සෙරීනා හෝටලයේ වාහන අංගනය ආශ්‍රිතව එම පිපිරීම සිදුකර තිබේ.

Related posts

මුහුදු සිංහයෙකු දැරියක් ඩැහැ ගනී(වීඩියෝ)

Mohamed Dilsad

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් පණිවිඩයක්

Editor O

Leave a Comment