දේශීය

එළැඹෙන සති 03 ශ්‍රී ලංකාවට ඉතා අවධානම්

(UTV | කොළඹ) – එළැඹෙන සති 03 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටින්නැයි ද , විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැසක්ද මේ දිනවල බහුල වශයෙන් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගැනෙන බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

 

Related posts

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම්

Editor O

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර්වල ආරම්භ වෙයි

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment