දේශීය

යාපනය පොලිසියේ කොරෝනා ආසාදිතයන් ඉහළට

(UTV |යාපනය) – යාපනය පොලිස් නිළධාරීන් 11 දෙනෙකු ඇතුළුව උතුරු පළාත තුළින් ඊයේ (21) දිනයේ පුද්ගලයින් 21 දෙනෙකු වෙත කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.   

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් පැවසූවේ පසුගිය දින කිහිපයේදී යාපනය පොලිසියේ නිළධාරීන් 15 දෙනෙකු වෙත වෛරසය ආසාදනය වී ඇති බවයි.

උතුරු පළාතේ නැවත වතාවක් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් වර්ධනයක් පවතින බැවින් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අවධාරණය කළේය.

මේ අතර , ගම්පහ, දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයෙන් ද පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

අදාළ පුද්ගලයින් පසුගිය දිනක අලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

Related posts

එංගලන්තයෙන් නීතිවිරෝධීව ගෙන්වූ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට පියවර

Mohamed Dilsad

කොළඹ බෝධිරාජ මාවතේ ඉඩමක තිබී කිලෝ 75ක බෝම්බයක් හමුවෙයි.

Editor O

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට, නීතීඥ උදය ගම්මන්පිළට අවසර

Editor O

Leave a Comment