Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ බෝධිරාජ මාවතේ ඉඩමක තිබී කිලෝ 75ක බෝම්බයක් හමුවෙයි.

ගුවන් මගින්, බිමට හෙළන කිලෝ 75 ක පමණ බරැති බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසිය කියයි. එම බෝම්බයේ මලකඩ බැඳී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ 13 කොටහේන මෙෆිල්ඩ් පාර පදිංචි පැමිණිලිකරු එම පුද්ගලික ආයතනයේ හිමිකරු වන අතර අක්කරයක පමණ භූමි භාගයක පිහිටි එම ගබඩා භූමියේ ප්‍රයෝජනයට නොගන්නා පරණ බඩු බැහැර කරනු ලබන ස්ථානයක් ඇති බවත් ඉකුත් 10 වෙනිදින එම ස්ථානය පිරිසුදු කිරීම සිදුකරනු ලබන අවස්ථාවේදී ගබඩාවේ කළමනාකරු ඉඩමේ හිමිකරුට දැනුම් දී ඇත්තේ කාලතුවක්කු උණ්ඩයකට සමාන මළකඩ කන ලද පැරණි උපකරණයක් හමු වූ බවත්ය. ඒ අනුව ඉඩමේ හිමිකරු විසින් පොලිසිය ට පැමිණිලි කර ඇත.

Related posts

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලට

Editor O

පොලීසිය හා STF අතහැර ගිය අයට යළිත් එක්වීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment