දේශීය

තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් IDH රෝහලින් පිටව යයි

(UTV | කෝවිඩ්-19) – අද (07) කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

මෙම නාවික පුද්ගලයින් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වන අතර, ඔවුන් කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවන් ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහල වෙත ඇතුලත් කළ බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර වරින්වර සිදු කල PCR පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

Related posts

2025 වසරේ නිවාඩු දින මෙන්න

Editor O

ජනාධිපතිවරයා, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකාවලින් විකාශනය කරන්නේ නැහැ.

Editor O

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment