විදෙස්

චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට

(UTV | කොළඹ) – කැරැලිකරුවන් අතර ගැටුම්වලදී තුවාල ලැබූ චැඩ් ජනරජයේ ජනාධිපති ඉඩ්‍රිස් ඩෙබි මරණයට පත්ව ඇත.   

වසර 30 ක් චැඩ් ජනරජය පාලනය කළ ඉඩ්‍රිස් ඩෙබි හයවැනි වරටත් එරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව සිටියදී ඔහු මෙලෙස මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ ඉතා වැදගත් චරිතයක් ලෙස සැලකෙන චැඩ් ජනාධිපතිවරයා බටහිර රටවල මිතුරකු ලෙස ද සැලකෙයි.

චැඩ් ජනරජයේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඩෙබීගේ පුතු වන මහමත් කාකා නම් කිරීමට හමුදා නිලධාරීන්ගෙන් සමන්විත එරට සංක්‍රාන්ති කවුන්සිලය පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශක අසීම් බර්මෙන්ඩෝ පැවැසීය.

Related posts

ජපානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

Mohamed Dilsad

FBI ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු ධුරයෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment