දේශීය

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

(UTV | කොළඹ) – දෙවන වාරය සඳහා දිවයින පුරා සියලු පාසල් අදින් (19) ඇරඹීය.  

පළමු පාසල්වාරය සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම දෙවන පාසල් වාරය සඳහා ද ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කළ ද අද දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා එකවර පාසල් විවෘත කරනු ලබන්නේ වසරකට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් සඳහා ළමුන් ගෙන්වා ගැනීම තවදුරටත් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය වාරය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අදාළව සිසුන් 15ක් දක්වා සිටින පංති සෑම සතියේ දිනකමත්, සිසුන් 16-30 ත් අතර සිටින පංති කණ්ඩායම් 02 කට බෙදා සතියක් හැර සතියක් සහ සිසුන් 30 කට වැඩි පංති කණ්ඩායම් 03 කට බෙදා සමාන දින සංඛ්‍යාවක්වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

අධ්‍යාපන කටයුතු කාර්ය සාධක බලකායට නව සාමාජිකයන් තිදෙනෙක්

Mohamed Dilsad

ග්‍රාමීය දරුවන්ට, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරාවිද ? – නාමල් රාජපක්ෂ 

Editor O

Leave a Comment