දේශීය

අප්‍රේල් 21 වනදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2 ක් ගතවන එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.   

අප්‍රේල් 21 වනදා දිනයේ දිවයින පුරා පිහිටි සියලූ දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් සහ අනෙකුත් ආගමික උත්සව පැවැත්වීමට කටයුතු කර ඇත.

ඒ අනුව, අදාළ සිහිකිරීම සිදුකරන දේවස්ථානවල පියතුමන්ලා, පූජකතුමන්ලා සහ ආගමික නායකයින් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාකර එම වැඩ සටහන් සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි උපරිම ආක්ෂාවක් සලසන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම ප්‍රාදේශිය අධීක්ෂණ නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරුන් සපයනු ලබන ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සෘජු අධික්ෂණයට ලක්කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

 

Related posts

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

Mohamed Dilsad

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සරසවියක් ලංකාවේ පිහිටවීමට ජනතිගෙන් යෝජනාවක්

Mohamed Dilsad

ලෝක කුසලාන පරාජයත් සමග සිදුවූ ඛේදවාචකයක්

Mohamed Dilsad

Leave a Comment