දේශීය

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (18) දහවල් 12 සිට හෙට (19) පෙරවරු 06 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ අතර අධිවේගී මාර්ග ආශ්‍රිතව නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව අද දිනයේත් විශේෂ අවධානයක් යොමු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය නිවේදනය කළේ, අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන ක්ෂණිකව මංතීරු මාරු කිරීමෙන් වළකින ලෙසටය.

Related posts

සෞඛ්‍ය උපදෙස් නැතිව උපත් පාලන ඖෂධ ගන්න එපා

Mohamed Dilsad

නිසි මිලක් සහිතව දේශීය රබර් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය – ජනපති

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

Leave a Comment