දේශීය

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (18) දහවල් 12 සිට හෙට (19) පෙරවරු 06 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ අතර අධිවේගී මාර්ග ආශ්‍රිතව නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව අද දිනයේත් විශේෂ අවධානයක් යොමු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය නිවේදනය කළේ, අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන ක්ෂණිකව මංතීරු මාරු කිරීමෙන් වළකින ලෙසටය.

Related posts

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් නොවේ [UPDATE]

Mohamed Dilsad

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන නිවේදනයක්

Editor O

බාල බෙහෙත්වලින් දෙදෙනෙක් මියයෑම ගැන රටට කියූ නිසා, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment