දේශීයව්‍යාපාරික

ලංකාවේ එළවළු සහ පළතුරු ඕමානයේ ජනප්‍රිය වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් , ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ යැයි ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා පවසයි.   

ශ්‍රී ලාංකික අපනයන සමාගම් කැරෙෆෝර් වැනි ජනප්‍රිය ජාත්‍යන්තර සුපිරි වෙළද ජාලයන් හයිපර් සමඟ සෘජුව සම්බන්ධ වීම, ඕමාන වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ පළතුරු හා එළවළු අපනයනය ඉහළ නැංවීමට උපකාරී වී තිබෙන බවද ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කියයි.

ඕමාන සුල්තාන් රාජ්‍යයේ අලෙවිසැල් 12 කට ශ්‍රී ලංකා පළතුරු හා එළවළු වර්ග අපනයනය කිරීම ඉහළ නැංවීම සඳහා කැරෙෆෝර් ඕමාන් සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් අටක් අතර අන්තර්ජාලය ඔස්සේ පැවති අන්තර් ව්‍යාපාර රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් මේ බව සඳහන් කළේය.

ට්‍රැඩ්ලංකා ඇග්‍රිකල්චරල් එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම, එල්ලාවල හෝර්ටිකල්චර් පුද්ගලික සමාගම, නිඩ්‍රෝ සප්ලයි (පුද්ගලික) සමාගම, දේශාන් ඉන්ටර්නැෂනල් ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම, නෙල්නා සමූහය, සීආර් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම, ජැග්‍රෝ පුද්ගලික සමාගම සහ ඩිවෙලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් පුද්ගලික සමාගම යන ශ්‍රී ලාංකික පළතුරු හා එළවළු අපනයන සමාගම් සීමාසහිත කැරෙෆෝර් ඕමාන් සමාගම සමඟ මෙම අන්තර් ව්‍යාපාර රැස්වීමට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පළතුරු හා එළවළු ඒකාබද්ධ තොග අපනයනය කිරීම සඳහා මෙහිදී එකඟ විය.

 

 

Related posts

ආණ්ඩුවට, රට පාලනය ගැන අවබෝධයක් නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

Mohamed Dilsad

වෛද්‍ය පර්යේෂණ ආයතනයට ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment