ක්‍රීඩා

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

(UTV | කොළඹ) – ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා එක්ව තරග වදින ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ යුරෝපිය ශුරතාවයේ පළමු තරගය ඉතාලියේදී අද (17) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.   

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ ශූරතාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර මින් පෙර ඩිලන්ත මාලගමුව විදෙස් ක්‍රීඩකයන් සමග එක්ව මෙම තරගාවලියට සහභාගි විය.

මේ වසරේදී පැවැති එළියකන්ද තරණයේදී සහ මහගස්තොට කඳු තරණයේදී නව වාර්තා පිහිටුවමින් විශිෂ්ඨ ජයග්‍රහණය අත්කර ගැනීමට අශාන් සිල්වා සමත් විය.

Related posts

තරුණියක් දූෂනය කර සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment