ක්‍රීඩා

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

(UTV | කොළඹ) – ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා එක්ව තරග වදින ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ යුරෝපිය ශුරතාවයේ පළමු තරගය ඉතාලියේදී අද (17) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.   

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව ‘ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ ශූරතාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර මින් පෙර ඩිලන්ත මාලගමුව විදෙස් ක්‍රීඩකයන් සමග එක්ව මෙම තරගාවලියට සහභාගි විය.

මේ වසරේදී පැවැති එළියකන්ද තරණයේදී සහ මහගස්තොට කඳු තරණයේදී නව වාර්තා පිහිටුවමින් විශිෂ්ඨ ජයග්‍රහණය අත්කර ගැනීමට අශාන් සිල්වා සමත් විය.

Related posts

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිළ පැමිණේ

Mohamed Dilsad

අද තරඟය ගැන එංගලන්ත කණ්ඩායමේ මතය

Mohamed Dilsad

දෙවන දිනය අවසානයේදී නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන්.

Mohamed Dilsad

Leave a Comment