විදෙස්

බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

(UTV | එංගලන්තය) – එංගලන්ත සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇත.    

ඒ, මෙවර IPL තරගාවලිය යටතේ රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම ඔහු මුහුණ දුන් වම් අතෙහි ඇගිල්ලක ආබාධය හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට මෙවර IPL තරගාවලියේ ඉදිරි තරග සියල්ලම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, අද(17) දිනයේ දී ඔහු සියරට බලා යළි පිටත්ව යනු ඇති.

ආබාධය සුව වීම සදහා සති 12ක පමණ කාලයක් ගත වීමට ඉඩ ඇති බවට අනුමාන කරයි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ගිම්හාන තරග වාරයේ තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වනු ඇති.

ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත කණ්ඩායම, නවසීලන්තයට, ශ්‍රී ලංකාවට, පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහිව තරග කිරීමට නියමිතයි.

මීට අමතරව, පිට පිට දෙවැනි වරටත් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (Wisden’s Leading Cricketer) ලෙස විස්ඩන් සගරාව විසින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් නම් කර ඇත.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා බෙත් මූනි වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (Leading Woman Cricketer) ලෙසට ද එම සඟරවා විසින් නම් කර ඇත.

Related posts

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

කාම්බෝජයේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

සතුන් සඳහාත් කොවිඩ් එන්නතක්

Mohamed Dilsad

Leave a Comment