විදෙස්

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයාගේ අවසන් කටයුතු අද

(UTV | බ්‍රිතාන්‍යය) – පසුගිය 09 වන සිකුරාදා අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතු අද (17) පස්වරුවේ රාජකීය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.   

මෙම රාජකීය අවමංගල්‍යට පවුලේ සමීපතම සාමාජිකයන් ඇතුළු 30 දෙනෙකුට පමණක් සහභාගී වීමට ඉඩ සලසා ඇති නමුත් ලොව පුරා මිලියන ගණනක ජනතාවක් මෙම අවස්ථාව සජීවීව නරඹනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවමංගල්‍ය උත්සවය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පිලිප් කුමරු වෙනුවෙන් වූ ගෞරව කිරීමේ දේව මෙහෙය පැවැත්වෙන අතර මෙහිදී කුමරු වෙනුවෙන් රටම විනාඩියක නිහඬතාවක්ද පැවැත්වීමට නියමිතයි.

කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්ඩ්රෝවර් රථය සහිත අවමංගල්‍ය පෙරහර බ්‍රිතාන්‍ය හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන ග්‍රෙනේඩියර් ආරක්ෂක භට කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන අතර රාජකීය පවුලෙන් ඉවත් වූ හැරී කුමරු ද මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව බකිංහැම් මාලිගය පවසයි.

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු වයස අවුරුදු 99 දී සිය ජීවිතයට සමුදුන්හ.

Related posts

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේ

Mohamed Dilsad

අයිස් දියවීමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment