දේශීය

දින 4 ක අධිවේගී මාර්ග ආදායම මිලියන 140

(UTV | කොළඹ) – අලුත් අවුරුදු සමයේ දින 4 ක් තුල අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් රුපියල් මිලියන 140ක ආදායමක් උපයා තිබෙනවා.

ඒ අනුව, පසුගිය 10 වනදා පමණක් මිලියන 38 ක ආදායමක් ඉපයීමට හැකිවූ බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්රික් සඳහන් කළේ.

පසුගිය 8 වනදා සිට 11 වනදා දක්වා වැඩිම රථ වාහන සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර තිබෙනවා.

පසුගිය 10 වනදා පමණක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති මුළු රථ වාහන සංඛ්‍යාව එක්ලක්ෂ 41,187 ක්.

එමෙන්ම, පසුගිය 9 වනදා වාහන එක්ලක්ෂ 37,721 ක් ධාවනය කර ඇති අතර එදින උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 40 කට අධිකයි.

Related posts

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

Mohamed Dilsad

මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල පරීක්‍ෂාවට

Mohamed Dilsad

400කට කොවිඩ් හැදුනු ‘කම්හලේ’ ආපනශාලා සේවකයා මරුට – වහා පරීක්ෂණ කරන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment