දේශීය

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

(UTV |කොළඹ ) – විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ” කන්ටැක්ට් ශ්‍රී ලංකා” අන්තර්ජාල සබඳතාව ඔස්සේ ලියාපදිංචි වී තිබේ.

පුද්ගලයින් 17,457 දෙනෙකු ඊයේ(28) දහවල් වන විට ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් 6,773 දෙනෙකු මැදපෙරදිග කාලපයේ පුද්ගලයින් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය 26 වැනිදා අසි.සී.ටි.ඒ.ආයතනය සමඟ එක්ව විදේශ අමාත්‍යාංශය මඟින් ලියාපදිංචිය සඳහා WWW.CONTACTSRILANKA.MFA.GOV.LK වෙබ් අඩවිය හඳුන්වා දී තිබුණි.

එම වෙබ් අඩවිය ඔස්සේ ලියාපදංචි වූ පුද්ගලයන් 700 දෙනෙකු යළි මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර තිබේ.

එහෙත් රජයේ තීරණය වන්නේ වෛරසය පාලනය කරන තුරු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එම රටවලට ආරක්ෂිතව රැදී සිටිය යුතු බවයි.

රජය විසින් එම පිරිස්වලට අවශ්‍ය පහසුකම් තානාපති සහ මහකොමසාරිස් කාර්යාල හරහා ලබාදීමට සැලසුම් කර තිබේ.

Related posts

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන ජනපතිගෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment