දේශීයව්‍යාපාරික

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි

(UTV| කොළඹ) – චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා ඇත.    

ශ්‍රී ලංකාව වෙනුවෙන් බෙයිජිං නුවර සිටින තානාපති පාලිත කොහොන මහතාත් චීන සංවර්ධන බැංකුවත් අතර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතයි.

මෙම ඩොලර් මිලියන 500 ක ණය මුදල, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දුවූ ඩොලර් බිලියනයක ණය මුදලේ දෙවන වාරිකය වේ. එහි පළමු වාරිකය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිවිය.

 

Related posts

හර්ෂණ සූරියප්පෙරුමට බැරි බව, මුදල් අමාත්‍යංශයම දන්නවා – පාඨලී චම්පික

Editor O

“ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය” අද

Editor O

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment